සඳ ඇවිත් මගේ මිදුලට
සඳ එළිය අරන් සිහිළැල්
ඔබ ඉන්නව නම් මා ළඟ
නොසලා ඇසි පිය නිලුපුල්
ඔබ ඉන්නව නම් මා ළඟ
කොඳ මලින් සදා හසරැල්
දුර ඈත නිම්න කඳු වැටි
සුදු මීදුමේ ගිලේවි ...//
ළඟ දෙනෝ දහක් සිටියත්
මට තනිකමක් දැනේවි
සඳ ඇවිත් මගේ මිදුලට
සඳ එළිය අරන් සිහිළැල්
ඔබ ඉන්නව නම් මා ළඟ
නොසලා ඇසි පිය නිලුපුල්
ඔබ ඉන්නව නම් මා ළඟ
කොඳ මලින් සදා හසරැල්
රෑ නින්ද බිඳී ඇහැරී
පැණි කුරුල්ලන් හඬාවී ...//
මගෙ සිහින හොරෙන් අරගෙන
මේ සඳත් යන්න යාවි
සඳ ඇවිත් මගේ මිදුලට
සඳ එළිය අරන් සිහිළැල්
ඔබ ඉන්නව නම් මා ළඟ
නොසලා ඇසි පිය නිලුපුල්
ඔබ ඉන්නව නම් මා ළඟ
කොඳ මලින් සදා හසරැල්
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment