Monday, April 6, 2015

සල් සමන් සුගන්ධිනී

සල් සමන් සුගන්ධිනී
වසන්ත විල් තෙරේ
මල් තරංගයක් වෙමී
ඔබේ නුවන් දොලේ ...//

මා පැතුම් ගෙනා
රෑ පහන් වුණා
මල් මනාලියයි උදෑසනේ
ස්නේහයේ රුවන්
දැල් වුණා පහන්
රොන් සොයා වඩින්න පා සෙනේ

නෑ සඳේ සිනා
තුෂාරයෙන් ගෙනා
ආදරේ රිදී කලාලයේ
මන්දහාසයෙන්
පීදුණා ලවන්
පා තබා වඩින්න පා සෙනේ

සල් සමන් සුගන්ධිනී
වසන්ත විල් තෙරේ
මල් තරංගයක් වෙමී
ඔබේ නුවන් දොලේ

ගායනය - අමරසිරි පීරිස් සහ මැණික් ජයසේකර
පද රචනය - හේමසිරි ගුණතුංග
තනුව - උපාලි ද සිල්වා

No comments: