සසල ලොව නිසල වෙමි
වෙරළ ලෙස සයුර හිමි
නොහිම් රළ පහරවැල් උහුලනා
ගිගුම් දෙන රුදුරු ගොස ඉවසනා
තිලිණ වෙයි මුතු ලෙසම
කසළ සුන්බුන් සැවොම
තුරුලු කර ගනිමි සම සිතකිනා
මවක මෙන් විඳින දුක් කුළුණිනා
සසල ලොව නිසල වෙමි
වෙරළ ලෙස සයුර හිමි
නොහිම් රළ පහරවැල් උහුලනා
ගිගුම් දෙන රුදුරු ගොස ඉවසනා
පැමිණ යයි ඔබ සැවොම
හිඳිමි නොසැලී මෙහිම
පවුර වී බිම රකින සයුරිනා
එතෙරවන පයට මඟ සදමිනා
සසල ලොව නිසල වෙමි
වෙරළ ලෙස සයුර හිමි
නොහිම් රළ පහරවැල් උහුලනා
ගිගුම් දෙන රුදුරු ගොස ඉවසනා
ගායනය - නන්දා මාලිනී
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - නන්දා මාලිනී
No comments:
Post a Comment