Friday, April 3, 2015

සුදු මුතු රළ පෙළ

සුදු මුතු රළ පෙළ ඉඳුරු කොදෙව්වේ
පාවඩ පලස එලා
සිඳුළඳ ගෙන දුන් මුතු කැකුළක් සේ
ඔබ මට තිළිණ වෙලා ...//

යුග දිවි වැල්ලේ අඳුරු ඉසව්වේ
මුකුලිත සිතැඟි සලා
අරුණැල්ලක් සේ ...
අරුණැල්ලක් සේ නුබමිණ පායා
සනහස ජනිත කළා 

සුදු මුතු රළ පෙළ ඉඳුරු කොදෙව්වේ
පාවඩ පලස එලා
සිඳුළඳ ගෙන දුන් මුතු කැකුළක් සේ
ඔබ මට තිළිණ වෙලා
 
සැඩ රළ රැල්ලේ සැලෙන කැදැල්ලේ
රැඳුණෙමි සරණ සොයා
පවනැල්ලක් සේ ...
පවනැල්ලක් සේ නොමහැර ආවෙමි
ඔබ හද සැදෙන තුරා 

සුදු මුතු රළ පෙළ ඉඳුරු කොදෙව්වේ
පාවඩ පලස එලා
සිඳුළඳ ගෙන දුන් මුතු කැකුළක් සේ
ඔබ මට තිළිණ වෙලා
 
ගායනය - නීලා වික්‍රමසිංහ සහ ටී.එම්. ජයරත්න
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
චිත්‍රපටය - ආදර හසුන 1986


"ආදර හසුන" චිත්‍රපට ගීතය


No comments: