Friday, April 3, 2015

සිරි බුද්ධගයා විහාරේ

සිරි බුද්ධගයා විහාරේ
සිරි බුද්ධගයා විහාරේ
වදිනේමූ මෝක්ෂ පතාලා ...//

ශාක්‍ය තිලෝනා 
වැඩ සිටි එදිනා ....//
මරාංගනන් පරදාලා //
බුද්ධගයා
සිරි බුද්ධගයා විහාරේ
වදිනේමූ මෝක්ෂ පතාලා

ශ්‍රී මහා බෝධි වෙත සැදි ඒ
විදුරසුනේ දී මුනි රාජා (හා..ආ....  ...//

ආ දස බිම්බර මාර සේනා //
පෙරුම් බලෙන් පරදාලා //

බුද්ධගයා
සිරි බුද්ධගයා විහාරේ
වදිනේමූ මෝක්ෂ පතලා

ප්‍රාතිහාර්ය පෑ දස බලධාරි
ප්‍රාතිහාර්ය පැ දස බලධාරි
ජයබිම මේ විසාලා
(හා..ආ....
ප්‍රාතිහාර්ය පැ දස බලධාරි
ජයබිම මේ විසාලා

ශාසන ආලෙ ඇති ලෝ වාසී
ශාසන ආලේ
ශාසන ආලේ
ශාසන ආලෙ ඇති ලෝ වාසී
බව දුක නසනා සේ මා
බව දුක නසනා සේ මා
වදිනේමූ මෝක්ෂ පතාලා

සිරි බුද්ධගයා විහාරේ
වදිනේමූ මෝක්ෂ පතලා

ගායනය - රුක්මණී දේවි සමග එච්.ඩබ්. රූපසිංහ
පද රචනය - අඥාතයි 📌️ (සටහන)
තනුව - කමල් දාස්ගුප්ත

මෙම ගීයේ තනුව උපුටා ගෙන ඇත්තේ, ජුතිකා රෝයි සමග කමල් දාස්ගුප්ත ගායනා කළ Kyon Bhramat Phire Bharam Me නම් භජන් ගීයෙනි. 1939 දී ගීය තැටිගත කළ අවස්ථාව වන විට රුක්මණි දේවි (ඩේසි ඩැනියල්ස්) ගේ වයස අවුරුදු 16 කි.

📌️ සටහන:
මඩවල එස් රත්නායකයන් වෙතින් සම්පාදනය කරන්නට යෙදුණු "ගී සින්දු සාහිත්‍යය" කෘතියෙහි, 37 වැනි පිටුවේ මෙලෙස සටහනක් වේ..

උපුටා ගැනීම:

'එච්.ඩබ්. රූපසිංහ සහ රුක්මණී දේවි ගායනා කර ඇති මේ ගීයේ පද රචකයා සී.ඩබ්.එන්.එස්. විජයසිරි වෙද මහතා විය යුතුය. මෑතක් වන තුරුම රූපසිංහ මහතාට ගී රචවා කර දුන් කිහිප දෙනාගෙන් රූපසිංහ මහතා ප්‍රමුඛස්ථානය හිමිකර දුන්නේ විජයසිරි වෙද මහතාටය.'


උපටා ගැනීම නිමයි.



ජුතිකා රෝයි සමග කමල් දාස්ගුප්ත ගායනා කළ Kyon Bhramat Phire Bharam Me නම් භජන් ගීය තවමත් සොයමි. මේ දෙදෙනාගේ ගායනා රැසක තැටිගත කළ ගී ඇතත්, ප්‍රස්ථුත ගීයට අදාල තොරතුරු අන්තර්ජාලයේ සොයා ගැනීම උගහටය.
එම ගී තැටියේ ඡායාරූපයකි පහත ඇත්තේ. 78 rpm තැටියේ දෙවන පැත්තේ Kyon Bhramat Phire Bharam Me යන ගීය ඇතුළත්ය. එම ගීයේ දුර්වල පිටපතක් පහත ඉදිරිපත් කරමි.
























ඉන්දියානු ග්‍රැමෆෝන් ගී පිළිබඳ ප්‍රකාශනයකින් (Catalogue) උපුටා ගත් කොටසක්.....


























"සිරි බුද්ධගයා විහාරේ" ගීය පසු කාලයේ බොහෝ දෙනෙක් විසින් ගයා ඇත.

පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව රුක්මණී දේවි සමග කළ ගායනයක්.

පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමිතා මුදුන්කොටුව සමග කළ ගායනයක්.

3 comments:

Anonymous said...

You can find it in YouTube . Keywords " Siri Buddhagaya Vihare | සිරි බුද්ධගයා විහාරේ | 1935 | Rukmani Devi | H.W. Rupasinghe Master " ( Posted by Silkroute )

Anonymous said...

𝗦𝗶𝗹𝗸𝗥𝗼𝘂𝘁𝗲 has posted the "භාරතීය මුල් ගීතය" of Siri Buddhagaya Vihare

Lable of it is " Siri Buddhagaya Vihare | සිරි බුද්ධගයා විහාරේ | 1935 | Rukmani Devi | H.W. Rupasinghe Master "

In the Photo It was mentioned that "සිරි බුද්ධගයා විහාරේ සහ භාරතීය මුල් ගීතය"

Gee Arana ගී අරණ said...

ස්තුතියි, මේ අඩවිය ඇසුරු කිරීම ගැන.
ඔබ Anonymous ලෙස අදහස් දක්වන විට, ඔබ කවුරුන්දැයි හඳුනා ගත නොහේ.
ඔබ නිතර මේ අඩවියට පැමිණෙන කෙනෙක් නම්, ගීයක් පලකිරීමේදී මේ අඩවිය අනුගමනය කරන පිළිවෙත ගැන ඔබට අවබෝධයක් ඇති.

ගීයක තොරතුරු වල අඩු ලුහුඬු ඇති විට එම ගීය පලකිරීම නොකරමි.
මා ළඟ මේ මුල් තනුව රැගත් ගීය තිබේ. එහෙත් ඊට අදාල කතෘත්වය හා පදමාලාව යන තොරතුරු නොමැතිකම හේතුවෙන් එකී ජුතිකා හා කමල් ගායනා කළ බජන් ගීය ඉදිරිපත් නොකළෙමි.