Thursday, May 28, 2015

හිතේ දුක් ගිනි නිවන බණ ඇති

හිතේ දුක් ගිනි නිවන බණ ඇති
හුදී ජන හද දිනුව පින් ඇති
අපේ බුදුහාමුදුරුවෝ
අපේ බුදුහාමුදුරුවෝ
හමුවුණා නම් එදා මිගදායේ
සසර ගමනේ මේ තරම් දුර
නො එනු ඇත ආයේ

පදවි දුක් හැරි ලොවේ සක්විති
සසර දුක දිනු මහරු බල ඇති ...//
අපේ බුදුහාමුදුරුවෝ
අපේ බුදුහාමුදුරුවෝ
හමුවුණා නම් එදා මිගදායේ
සසර ගමනේ මේ තරම් දුර
නො එනු ඇත ආයේ

කෙලෙස් කඳුළැල් සදා දුරු කළ
නිවන්පුර වැද නිවී සැනහුණ ...//
අපේ බුදුහාමුදුරුවෝ
අපේ බුදුහාමුදුරුවෝ
හමුවුණා නම් එදා මිගදායේ
සසර ගමනේ මේ තරම් දුර
නො එනු ඇත ආයේ

හමුවුණා නම් එදා මිගදායේ
සසර ගමනේ මේ තරම් දුර
නො එනු ඇත ආයේ ...//

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - රඹුකන සිද්ධාර්ථ හිමි


No comments: