හිමි සඳුගේ සිත නොසැළී පැලට එන්න ඇස් ලැබුණාවේ
ම්.. ම්ම්.. ම් ....
ළැම ගෝමර පෙති මැලවී නිදා වැටෙයි යානතේ
දෙලවන් මී බඳුන් සිඳී නුරා තෙපුල් කොහි ගියේ
ඒ වුණට රත්තරනේ
සෙනෙහස තරුණයි හිතේ
නාඹර පැණි කිරිල්ලියන් වැටෙන් එහා ඉගිළ ගියාවේ
හිමි සඳුගේ සිත නොසැළී පැලට එන්න ඇස් ලැබුණාවේ
ම්.. ම්ම්.. ම් ....
නිල් ඉඳුවර නෙත් පොකුණේ නිල ඉහිරී බිම වැටේ
වත කමලේ පෙති සිඳිලා හීතල හිරිගඩු පිපේ
මට විතරද හිමි සඳුනේ
කාලය දඬුවම් කළේ
නාඹර පැණි කිරිල්ලියන් වැටෙන් එහා ඉගිළ ගියාවේ
හිමි සඳුගේ සිත නොසැළී පැලට එන්න ඇස් ලැබුණාවේ
ම්.. ම්ම්.. ම් ....
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - රවී සිරිවර්ධන
තනුව හා සංගීතය - ස්ටැන්ලි පීරිස්

No comments:
Post a Comment