ඇහිපියන් යට ඉන්න නුඹ සැමදා
හඹා ගිය ඒ කඳුළු බිඳු සඟවා
ලෝකයට හඬගා කියන්නට බෑ
ඇහිපියන් යට ඉන්න නුඹ නොහඬා
ඇහිපියන් යට ඉන්න නුඹ නොහඬා
තුරුලු වී සඳ වලා කඳු අතරේ
නොපෙනෙනා ලෙස සැඟවිලා හැඬුවේ
හඬන්නට බැරි මගේ නෙතු ඇතුලේ
කඳුළු සඟවා හිඳිමි ආදරයේ
මිතුරු වී ඉඳ සිහින මං වැරදී
ඉගිලෙනා දියකිදුරි වී තනිවී
කියන්නට බැරි වදන් ඇත ගොළුවී
කඳුළු සඟවා හිඳිමි ආදරයේ
ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - වරුණ කටුනායකගේ
තනුව - ගිහාන් නිෂාන්
Anyone who has the link can play this song in your "Smart Phone"
No comments:
Post a Comment