Monday, May 11, 2015

බුලත් හෙප්පුවත් අරගෙන

බුලත් හෙප්පුවත් අරගෙන
හිනාවෙලා මැද සාලෙට
යන්න නංගියේ
යන්න නංගියේ

අරුමෝසම් සල්පිලකට
රිදී පොටක් ගැලපෙනවද
දුර සිදාදියේ
කියන්න අක්කේ

බුලත් හෙප්පුවෙන් අහන්න
කී දෙනෙක් ඇවිත් ගියාද
අරන් ආදරේ
අරන් ආදරේ

ඔයත් ඉතිං කවදාහරි
කළුකුමාරියක් වෙන්නද
ගෙදර මං වගේ
ගෙදර මං වගේ

බුලත් හෙප්පුවත් අරගෙන
හිනාවෙලා මැද සාලෙට
යන්න නංගියේ
යන්න නංගියේ

අරුමෝසම් සල්පිලකට
රිදී පොටක් ගැලපෙනවද
දුර සිදාදියේ
කියන්න අක්කේ

වැලත් ඉතිං කියනවනම්
වැලේ ගෙඩි බරයි කියලා
උරුමයයි මගේ
උරුමයයි මගේ

ජාති ජාතිවත් නෑමයි
වැලත් අපේ ගෙඩිත් අපේ
පුංචි නංගියේ
පුංචි නංගියේ

බුලත් හෙප්පුවත් අරගෙන
හිනාවෙලා මැද සාලෙට
යන්න නංගියේ
යන්න නංගියේ

අරුමෝසම් සල්පිලකට
රිදී පොටක් ගැලපෙනවද
දුර සිදාදියේ
කියන්න අක්කේ

ගායනය - නි‍රෝෂා විරාජිනී සහ ඉන්දිකා උපමාලි
පද රචනය - රත්න ශ්‍රී වි‍ජේසිංහ
තනුව - සමන්ත ‍පෙ‍රේරා

No comments: