Tuesday, May 5, 2015

මිහිරාවී මධු මී බිඳකිය ඔබ ජීවිතේ

මිහිරාවී
මධු මී බිඳකිය ඔබ ජීවිතේ

නෑ මිහිරේ
මම ගීතයකී ඔබෙ ගී පොතේ
ආදරයේ
මිහිර සොයා
ඉගිලෙමු පියා සල සලා
මිහිරාවී
මධු මී බිඳකිය ඔබ ජීවිතේ

ගී රස ගංගා දෙගොඩ තලා
හොයමින් එන්නේ ඔබව බලා ...//
ආදර සේයාව ගීතාව මිහිරාව ඔබය ප්‍රියේ

ජීවනයේ
මිහිර සොයා
ඉගිලෙමු පියා සල සලා
මිහිරාවී
මධු මී බිඳකිය ඔබ ජීවිතේ

නෑ මිහිරේ
මම ගීතයකී ඔබෙ ගී පොතේ
ආදරයේ
මිහිර සොයා
ඉගිලෙමු පියා සල සලා
මිහිරාවී
මධු මී බිඳකිය ඔබ ජීවිතේ

ආදර ගීයේ තනුව ඔබයි
රස ගන්වන වෙණ මිහිර ඔබයි ...//
මා දුටු සේයාව ගීතාව මිහිරාව ඔබය ප්‍රියේ

ආදරයේ
මිහිර සොයා
ඉගිලෙමු පියා සල සලා
මිහිරාවී
මධු මී බිඳකිය ඔබ ජීවිතේ
නෑ මිහිරේ
මම ගීතයකී ඔබෙ ගී පොතේ
ආදරයේ
මිහිර සොයා
ඉගිලෙමු පියා සල සලා
මිහිරාවී
මධු මී බිඳකිය ඔබ ජීවිතේ

ගායනය- මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

මෙහි ඇත්තේ මෙම ගීයේ පළමු පටිගත කළ ගීයයි.
මහාචාර්ය සනත් නන්දසිරි ගේ ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහනට ගැයුණු ගී තුනෙන් එකකි. (එම ගී තුන - 1. ඇවිළුණු ගිනි දැල් 2. මිහිරාවී 3. මහද පෙම් විලේ)

No comments: