විකසිත නයනින් මා හිනැහෙන විට
ලොවම සිනාසෙයි මා සමඟින්
ඔබේ ඇතුළු හද වැලපෙන මොහොතේ
ලොවක කඳුළු නැත ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්
තුරුණු සැඳෑවක ලහිරු තලාවක
මිතුරු සමාගම ඔකඳවෙවී ඇත
අඳුර ගලා විත් ලොවම වැසූ කල
නෙත් සඟවා ගෙන තනිව නිදයි
විකසිත නයනින් මා හිනැහෙන විට
ලොවම සිනාසෙයි මා සමඟින්
ඔබේ ඇතුළු හද වැලපෙන මොහොතේ
ලොවක කඳුළු නැත ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්
ගීත ලතාවක දිගැසි ඉනාවක
දෙතොල් අමා විත පිරී ඉතිර ඇත
දෙනෙත් ඇඳිරි වී දෑත් සැළෙන දින
ඔබට ඔබත් නැත
ඔබට ඇයත් නැත
විකසිත නයනින් මා හිනැහෙන විට
ලොවම සිනාසෙයි මා සමඟින්
ඔබේ ඇතුළු හද වැලපෙන මොහොතේ
ලොවක කඳුළු නැත ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්
ගායනය- පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - බණ්ඩාර කේ. විජේතුංග
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
මෙම ගීය ශ්රවණය කරද්දී නිතැතින්ම ඔබේ සිහියට නැඟුන කවත් ගීතයක් තිබුණා නොවේද? ඒ ආචාර්ය වික්ටර් රත්නායක සහ අමරදේවයන් ගායනා කරන "ඇයට පමණි මම ආදරේ" නම් ගීය. ගී දෙකම රචනා වුණේ බණ්ඩාර කේ. විජේතුංග අතින්. ගී දෙකේම තනුවල පෑහීමකුත් තියෙනවා.
No comments:
Post a Comment