Wednesday, May 6, 2015

අනවසරයෙන් වෙන්ව යනු මැනවී

අනවසරයෙන් වෙන්ව යනු මැනවී
ඔබට අභිමත නම්
සපත කරවූ සදාකාලික ස්නේහයෙන්
සමු දෙමිද කෙලෙසින්
සමුගමිද කෙලෙසින්
අනවසරයෙන් වෙන්ව යනු මැනවී

ඉන්ද්‍රචාපය ලෙසින් ආකාසේ
පෙනී නොපෙනී සැඟව යනු මැනවී ...//

විරාමය දී සෙනෙහසට සිත සෙල් කුළක් කරමී
සමු දෙමිද කෙලෙසින්
සමුගමිද කෙලෙසින්
අනවසරයෙන් වෙන්ව යනු මැනවී

චන්ද්‍රිකාවිය විලස රෑ යාමේ
දැනී නොදැනී මැකී යනු මැනවී ..//

කඩා නටුවෙන් මලක් සුළඟට මුදාලන අයුරින්
සමු දෙමිද සිතකින්
සමුගමිද කෙලෙසින්

අනවසරයෙන් වෙන්ව යනු මැනවී
ඔබට අභිමත නම්
සපත කරවූ සදාකාලික ස්නේහයෙන්
සමු දෙමිද කෙලෙසින්
සමුගමිද කෙලෙසින්
අනවසරයෙන් වෙන්ව යනු මැනවී

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: