Wednesday, May 6, 2015

සිත දන් දුන්නේ දෙගුරුනි ඔබ හට

සිත දන් දුන්නේ දෙගුරුනි ඔබ හට
පෙරුමන් පුරණා ලෙසින් නොවේ
සිත දන් දුන්නේ සොයුරු ‍සොයුරියණි
සසරින් මිදෙනා ලෙසින් නොවේ

ගෙවන තුරුණු විය පුබුදන හැඟුමන්
සිත අමතනවා සරණ සොයා
එනමුදු කෙලෙසද මා ජය ගන්නේ
ඔබ සැම පැරදී හිඳිණු බලා

අග හිඟ සතුරන් සතර නිමිති මෙන්
නිති ඔබ පෙළනා කුරිරු නියා
දැක කලකිරෙනා සිත දන් දී යමි
ඔබ ගිණි නිවනා නිවන සොයා

සිත දන් දුන්නේ දෙගුරුනි ඔබ හට
පෙරුමන් පුරණා ලෙසින් නොවේ
සිත දන් දුන්නේ සොයුරු ‍සොයුරියණි
සසරින් මිදෙනා ලෙසින් නොවේ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: