Wednesday, May 6, 2015

ඔබ මට තරුවකි

ඔබ මට තරුවකි ඝණඳුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා
ලා හිරු මඬලයි මා අබියස
බැස යන්නේ නැති සසර පුරා.. //

උපතින් උපතට චාරිකාවේ
දිවි මඟ ඔබ මා ළඟ උන්නා.. //

යුගයෙන් යුගයට මේ භවයේ
යළි හමුවන්නෙමු අපි දෙන්නා

ඔබ මට තරුවකි ඝණඳුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා
ලා හිරු මඬලයි මා අබියස
බැස යන්නේ නැති සසර පුරා

සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි
බිඳුවක් ඔබගෙන් ලබන නියා
සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි
වෙරලක් වී ඔබ දකින නියා

ඔබ මට තරුවකි ඝණඳුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා
ලා හිරු මඬලයි මා අබියස
බැස යන්නේ නැති සසර පුරා.. //

ගායනය - ලක්ෂ්මන් විජේසේකර සහ නිර්මලා රණතුංග
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ලක්ෂ්මන් විජේසේකර/ ආචාර්ය රෝහණ වීරසිංහ
සංගීතය - සෝමපාල රත්නායක

මෙම ගීයේ තනුව ආචාර්ය රෝහණ වීරසිංහයන් ගේ යැයි "ලාංකික සංගීතයේ රෝහණ ලකුණ" යන රෝහණ වීරසිංහයන් ගේ නිර්මාන ජීවිතය අලලා රවි සිරිවර්ධන හා සමුද්‍ර වෙත්කසිංහ විසින් සංස්කරණයවූ කෘතියෙහි සඳහන් වේ.
කුමාරදාස සපුතන්ත්‍රී තමා පබැඳූ ගී ඇතුළත් "මලින් මලට" කෘතියේ සඳහන්‍ කර අත්තේ ගීයේ තනුව ලක්ෂ්මන් විජේසේකර ගේ බවත් සංගීතය සෝමපාල රත්නායකයන් ගේ බවත්ය.
මෙහි ගැටළුවක් ඇතිවා සේ පෙනුනද මට එහි සිදුවන්නට ඇති දේ මෙසේ සිත්වේ. සපු ගේ නිර්මාන කාර්යයන්හිදී වඩාත් තල්ලුව දුන්නේ ලක්ෂ්මන් හා චන්ද්‍රා කළුආරච්චි යුවලය. මේ කාල වකවාණුවේ ලක්ෂ්මන්, රෝහණ, ආනන්ද වීරසිරි, එඩ්වඩ්, සුනිල් (සුනිල් එදිරිසිංහ) සහ බන්දුල ද නිතර එකතුවූවෝ වූහ. ඔවුන් බොහෝ නිර්මාන වල යෙදුනේ මේ සජ්ජන මිතුරු කැලේ එකම විවාහක සාමාජිකයා වූ ලක්ෂ්මන් ගේ නිවසේදීය.
ඉතින් අප කතාකරමින් සිටි ගීයේ "Melody" එක ලක්ෂ්මන් ගේ හිතේ උපදින්නට ඇත. යාලුවා රෝහණත් එකතුවෙලා කාර්යය නිම කරන්නට ඇත.

Anyone who has the link can play this song in your "Smart Phone"

No comments: