Wednesday, May 6, 2015

සිනා පිපෙනා මේ වසන්තය

 සිනා පිපෙනා මේ වසන්තය
නෙළා දෝතින් මලක් සේ (සිනා සේ)
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සේ
ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ

නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්


සිනා පිපෙනා මේ වසන්තය
නෙළා දෝතින් මලක් සේ (සිනා සේ)
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සේ
ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ


නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සඟවමි හද සෙනේ සුසුමින්

සිනා පිපෙනා මේ වසන්තයනෙළා දෝතින් මලක් සේ (සිනා සේ)
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සේ
ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ

 
ගායනය - ලක්ෂ්මන් විජේසේකර මග සමිතා මුදුන්කොටුව
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රි
තනුව හා සංගීතය - ලක්ෂ්මන් විජේසේකර

ගංගා සහ නිස්සන්ක ටෙලි සිතුවේ ගීයකි.

Sina Pipena Me Wasanthaya - Laxman Wijesekara & Samitha Mudunkotuwa

No comments: