Friday, May 1, 2015

නුඹේ නමින් මා දුක්වී

නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්
නුඹට සොඳුරු ගීතයක්ය සළනා රසු දැල්
උදේ හවා කාන්සියට හෙළනා කඳුළැල්
නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල් ...//

මා හැර ගිය දුකින් තැවී
නුඹට ශාප කරනු බැරී ...//
නුඹේ නපුරු කමට කිපී
සිතේ වෛර බඳිනු බැරී

නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්
නුඹට සොඳුරු ගීතයක්ය සළනා රසු දැල්
උදේ හවා කාන්සියට හෙළනා කඳුළැල්
නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්

නිදි නැති රෑ දෑස තෙමී
මතක සුවඳ වැළඳ ගනී ...//
මා තනිවුණු අයුරු පෙනී
නුඹ සැනහෙන් මට හිනැහී

නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්
නුඹට සොඳුරු ගීතයක්ය සළනා රසු දැල්
උදේ හවා කාන්සියට හෙළනා කඳුළැල්
නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

තනුව - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව

No comments: