දැවටි ඉඳ පෙම් තෙපුල් කියා
නොකියා ඔබ මා දමා ගියා
ආදරේ ගිණි දැල් මවා
අහසේ හැදූ මාලිගා නිසා
බිඳදා හිත හිස්වුණා කියා මේ ලෙසේ
ඔබ නොතැවෙන් එදා
ඔබ ළඟින් උන්නුදා
මුළු ලොවම මගේ වගේ ඔබ දන්නෙ නෑ
ජීවිතේ ඔබ ගේනවා
හැරදා ඔබ මතුදා
මම යන්නේ නැහැ කිසිදා
මගෙ ජීවිතේ ඔබමයි සදා
මගෙ ආදරේ....//
මල් සමයේ
ළඟින් හිඳ කී කතා
උන් සමය නිබඳ මට සිහිවුණා
පොද වැස්සේ කුඩයක් යටට වී
පිය මැන්නා එදා අපි තුරුළු වී
හැන්දෑකරේ මල් මාවතේ
මීදුම් මැදින් සන්සුන් ලෙසින්
ඒ වාගේ අපි ඉන්නේ අද ආයේ
හැරදා ඔබ මතුදා
මම යන්නේ නැහැ කිසිදා
මගෙ ජීවිතේ ඔබමයි සදා
මගෙ ආදරේ....//
අහසේ හැදූ මාලිගා නිසා
බිඳදා හිත හිස්වුණා කියා මේ ලෙසේ
ඔබ නොතැවෙන් එදා
හැරදා ඔබ මතුදා
මම යන්නේ නැහැ කිසිදා
මගෙ ජීවිතේ ඔබමයි සදා
මගෙ ආදරේ....//
ගායනය - නිරෝෂා විරාජිනී සහ අදීෂ
පද රචනය - නිලාර් එන්. කාසිම්
තනුව හා සංගීතය - අදීෂ සහ රවිහාන්ස්
No comments:
Post a Comment