Saturday, May 16, 2015

ප්‍රේම මන්දිරේ


ප්‍රේම මන්දිරේ
දෙදරා ගරා වෑටේ
පුදදී හදින් නිකැළැල්
නොඉඳුල් දෙතොල් දෙනුවන්
ලද තිලිණය කඳුලද ළඳුනේ
කුරිරු දෛවයේ

රුදු මිරිඟු දියට රැවටී
මරු කතර අතරමං වී ...//
සුරම්‍ය සිහින ලොව බිඳුණි
ගිනි ජාලාව ද ස්නේහයේ ඉරණම ළඳුනේ

කුල ගෙයක මිහිර වියැකී
දඟ ගෙයක සිරුර සිරවී ...//
නොකල්හි මිලාන වී වැටුණි
බිලි පූජාව ද ආලයේ
දඬුවම ළඳුනේ

ප්‍රේම මන්දිරේ
දෙදරා ගරා වෑටේ
පුදදී හදින් නිකැළැල්
නොඉඳුල් දෙතොල් දෙනුවන්
ලද තිලිණය කඳුලද ළඳුනේ
කුරිරු දෛවයේ

ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - රෝහණ වීරසිංහ

කුස පබා සිනමා කෘතියෙන්..

No comments: