මධුර වසන්තේ
සතර දිගන්තේ ..//
බඹර බඹරියන් (නද දෙන)
මොනර මොනරියන් (රඟ දෙන)
මධුර වසන්තේ
කිඳුරු කිඳුරියන් (නැළවෙන)
කුමර කුමරියන් (හමුවන)
මධුර වසන්තේ
මධුර – මධුර – මධුර – මධුර
මධුර වසන්තේ
සළෙල මතයි
බමන ගතයි
තුඩග තුඩග මදන බසයි
අතක විතයි නෙතක රහයි
වතක වතයි සිතක සිතයි
සුර ලොව නම්
මනු ලොවමයි
පි‍්‍රයේ කොහිද ඔබ //
ඇවිත් වසන්තය
සැළමුතු පෙම් හද දෙවොලේ
පුදසුන වෙත එනු දෙවිඳේ
මල්සර නෑ කොහෙ ගිහින්ද
නොවිදින්නේ අප දිහාට
රතී සමඟ රති කෙළියේ
සිහියක් නෑ මල්සරාට
පි‍්‍රයේ කොහිද ඔබ //
ඇවිත් වසන්තය
ගිල්වා රසඳුන් නයනේ
දල්වනු රන් සිළ පහනේ
මධුර වසන්තේ
සතර දිගන්තේ ..//
බඹර බඹරියන් (නද දෙන)
මොනර මොනරියන් (රඟ දෙන)
මධුර වසන්තේ
කිඳුරු කිඳුරියන් (නැළවෙන)
කුමර කුමරියන් (හමුවන)
මධුර වසන්තේ
මධුර – මධුර – මධුර – මධුර
මධුර වසන්තේ
ගායනය - නිරෝෂා විරාජිණී, උරේෂා රවිහාරි, හර්ෂණ දිසානායක, බන්දුල විජේවීර සහ මහින්ද පතිරගේ
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - රෝහණ වීරසිංහ
කුස පබා සිනමා කෘතියෙන් ..
No comments:
Post a Comment