සඳකඩ
පහනක් ඔබේ හදවතේ නෙළන්න දෙනවාද
රන්මසු
උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද
මියෙන
තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද
සුළං
රැලක් සේ පාවි ආවත්
සුළං
රැලක් සේ ආපසු යන්නට බෑ
සුසුම්
පොදක් වී රහසේ වැදුනත්
තවත්
ඉතින් මට රහසේ ඉන්නට බෑ //
සීගිරි
ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද
සඳකඩ
පහනක් ඔබේ හදවතේ නෙළන්න දෙනවාද
රන්මසු
උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද
මියෙන
තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද
ජිවිතයේ
නව සුවඳ සදා දෙන සැමදා
ඔබවන්
සුවඳක් කිසි මල් උයනක නෑ
මේ
දිගු ගමනේ විඩා නිවා සිත නිවනා
ඔබවන්
සිසිලක් හිමගත අරණක නෑ //
සීගිරි
ගීයක් ඔබේ හදවතේ ලියන්න දෙනවාද
සඳකඩ
පහනක් ඔබේ හදවතේ නෙළන්න දෙනවාද
රන්මසු
උයනක් ඔබේ හදවතේ තනන්න දෙනවාද
මියෙන
තුරා මට ඔබේ හදවතේ රැඳෙන්න දෙනවාද
ගායනය
- නිරෝෂා විරාජිනී
පද
රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව
හා සංගීතය - ස්ටැන්ලි පීරිස්
No comments:
Post a Comment