සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම ...//
ගිම්හානය
මා මඟ හැර
යළි නො එනා
ලෙස ගියේද
වසන්තයේ මල් පියවිලි
යන එන මඟ තොට තියේ ද
සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම
මිහිදන්වු
ප්‍රාර්ථනා
යළි අවදිව
හිනැහුනේ ද
ඒ පැතුමට නව අරුතක්
ළං කෙරුවේ
ඔබ නොවේ ද
සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම ....//
ඔබ හා මම
හැම භවයෙම ....///
ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - බණ්ඩාර ඇහැළියගොඩ
තනුව හා සංගීතය - දිලුප් ගබඩාමුදලිගේ
උදයකාන්ත වර්ණසූරියගේ "රාජ්‍ය සේවය පිණිසයි" චිත්‍රපටියට නිර්මානය වූ ගීයකි.
No comments:
Post a Comment