සඳ මිරිඟු ගඟේ වැටිලා
ගං දිය බොර පාටයි
විනිවිද නොපෙනෙන වතුරේ
රූ සැඟවෙයි දිය රකුසන්ගේ
සඳ මිරිඟු ගඟේ වැටිලා
බොඳවුණු දේදුනු මායාවේ
සඳ ගිනිමල් සැණකෙළියේ
ඉගිලී සරණා බමනා දෙබරුන්ගේ
නාඳුනනා සුවඳයි (නාඳුනනා සුවඳයි)
සඳ මිරිඟු ගඟේ වැටිලා
ගං දිය බොර පාටයි
විනිවිද නොපෙනෙන වතුරේ
රූ සැඟවෙයි දිය රකුසන්ගේ
සඳ මිරිඟු ගඟේ වැටිලා
අහසට ඇස් නැති හෝරාවේ
ලොව ඇහැරී අකුණු සරින්
එබිකම් කර විය සිදුරෙන්
මල් යහනාව දවයි
ගිනිගත් සඳ මැලවෙයි
මල් යහනාව දවයි
ගිණිගත් සඳ මැලවෙයි
ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - වසන්ත කුමාර කොබවක
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment