Sunday, September 25, 2016

ඔබේ සෙනෙහස නිමාවේ ලද

ඔබේ සෙනෙහස නිමාවේ ලද
කෙසේ මේ දුක දරා ඉන්නෙද
පෙම් කරන්නට ඉගැන්වූ ලෙස
ළඳුනි කිව මැන
කෙසේ ඒ දුක දරා ඉන්නෙද

එදා සඳවත පිදූ සේ ඔබ
යදින්නට හදවත මගේ
මෙදා ගිනි දන මගේ හද ගැබ
යදී වදනක් අද ඔබේ

ඔබේ සෙනෙහස නිමාවේ ලද
කෙසේ මේ දුක දරා ඉන්නෙද
පෙම් කරන්නට ඉගැන්වූ ලෙස
ළඳුනි කිව මැන
කෙසේ ඒ දුක දරා ඉන්නෙද

මගෙන් සෙවණක් පතා මා වෙත
රැඳී සිටියද ඔබ එදා
ඔබෙන් මා ලද මෙවන් වූ දුක
කියන්නට ඔබ නෑ මෙදා

ඔබේ සෙනෙහස නිමාවේ ලද
කෙසේ මේ දුක දරා ඉන්නෙද
පෙම් කරන්නට ඉගැන්වූ ලෙස
ළඳුනි කිව මැන
කෙසේ ඒ දුක දරා ඉන්නෙද

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - සෝමපාල රත්නායක

No comments: