Sunday, September 25, 2016

දවසින් දවසට

දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩු වෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්
වියැකී යනවා ඔබ මනසේ

පුරපස අවපස වෙනසක් වූවද
ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
මගෙ ඒ සිතුවිලි හා සබැඳේවිද
මුදු සිතුවිලි ඔබෙ හද මැදුරේ

දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩු වෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්
වියැකී යනවා ඔබ මනසේ

සිතුවෙමි සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
මගෙ හිත චංචල වූයේ නෑ
දින දසුනේ තව එක කොළයක් ඇත
එක දවසකි ඉතිරිව ඇත්තේ

හිතන්න බොළඳියෙ මගේ කුටියටත්
ඔබෙ කුටියට මෙන් වසරෙන් වසරට
නව දින දසුනක් එනවා

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - කේ.ඩී.කේ ධර්මවර්ධන
තනුව - රෝහණ වීරසිංහ

No comments: