Wednesday, September 14, 2016

සක්වල එතෙරට

සක්වල එතෙරට ඇසෙනා
අනන්ථ ඈතට දැනෙණා
මුළු මිහිතලයම කම්පා කරවන
එකම හඬයි අම්මා

මෙතේ බුදුන් දැක නිවන් දකීවා
ගෙදර බුදුන් අම්මා

කල්ප කාල දිගු ගමන් තලාවේ
ගිමන් නිවාලන දිය කඳුළයි ඔබ

කර පිට හිඳුවා එගොඩට පීනා
සමුදුර තරණය කරලා
මවකගෙ මුවගින් විවරණ ලැබුවා
බුදු පුතු බුදු බව පතලා

සුරංගනාවන් පැල් බැඳ අහසේ
දොහොත් මුදුන් දී වැඳ වැටෙනා සඳ

රතු ලේ කිරි කළ පින් මහිමයටයි
අම්මාවරු දුක් ගන්නේ
ඒ කිරි සුවඳට පරිභව කළ පුතු
නිරයේමයි උපදින්නේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ නන්දා මාලිනී
පද - උපාලි ධනවලවිතාන
තනුව - සරත් දසනායක

ගෙදර බුදුන් අම්මා චිත්‍රපටියේ ගීයකි.
ස්වර්ණ සංඛ සිනමා සම්මාන උළෙලේ හොඳම ගායනයට හිමි සම්මානය දිනා ගත් ගීයයි.

No comments: