Wednesday, September 14, 2016

තනියම ලන්දට

තනියම ලන්දට යන්න එපා නුඹ
මග වැරදී වල්මත් වේවී

තනියම නොගියොත් ලන්දේ අන්දම්
අඳුනා ගන්නට බැරිවේවී
...//

දිය පීනන්නට යන්න එපා නුඹ
ගඟ දිය සුළි වල පැටලේවී

ගඟේ සුබාවේ වටහා ගනිතොත්
පීනා එන්නට හැකිවේවී
 

තනියම ලන්දට යන්න එපා නුඹ
මග වැරදී වල්මත් වේවී

තනියම නොගියොත් ලන්දේ අන්දම්
අඳුනා ගන්නට බැරිවේවී

 

මතු යම් දවසක පිට ගමකට නුඹ
මට නොකියා රහසේ යාවී

පිණි බාලා ගල් පිට මල් පිපුණත්
මගෙ හිත වෙනතක නොබැඳේවී
 

තනියම ලන්දට යන්න එපා නුඹ
මග වැරදී වල්මත් වේවී

තනියම නොගියොත් ලන්දේ අන්දම්
අඳුනා ගන්නට බැරිවේවී

 

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ නීලා වික්‍රමසිංහ
පද - මහින්ද දිසානායක
තනුව - රෝහණ වීරසිංහ

No comments: