Wednesday, September 14, 2016

විහඟ තුඩින්

විහඟ තුඩින් කුරවීත නදින්
ඇසේවා සරස වසන්තයේ
මා හද මඬලේ කැටපත් පවුරේ
එකම කුරුටු ගීතේ
අනන්ථ ප්‍රේමාදරයේ

නේක වර්ණා මල් රේණු උරණා බමරින්දූ
අපට ගයනවලු බිඟු මිහිදැල් ගී සින්දු
දහසක් මල් පිබිදී ඇත ප්‍රාර්ථනාවෙන්
පර නොවී රැඳේවා එකම මලක් හෝ
මා තුටු කඳුළින් දෙපා දොවා අපි පූජා කරනාවූ
ප්‍රේමයේ උතුම් නාමයෙන්

විහඟ තුඩින් කුරවීත නදින්
ඇසේවා සරස වසන්තයේ
මා හද මඬලේ කැටපත් පවුරේ
එකම කුරුටු ගීතේ
අනන්ථ ප්‍රේමාදරයේ

නිම් නැති සංසාරේ තනි මා සරණා හිම අරණේ
ඔබ පැමිණේවා හිම කුමරී සොයනා කුමරුන් සේ
දෙවියන් කොතැනද අපි යමු එතැනට එදිනේ
සමු ගැනුම් නොවේවා මතු මතු ජන්මේ
සයුරු දෙරණ නිල් අහස පුරා
පෙම් චාමර සළනා
නින්නාද දී ඇසේවා

විහඟ තුඩින් කුරවීත නදින්
ඇසේවා සරස වසන්තයේ
මා හද මඬලේ කැටපත් පවුරේ
එකම කුරුටු ගීතේ
අනන්ත ප්‍රේමාදරයේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ නිරෝෂා විරාජිනී
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ස්ටැන්ලි පීරිස්

No comments: