Thursday, February 2, 2017

ගෙයක් ගානෙ

ආ ... ඇහැ::
ගානෙ වැඩ පල කර ඉඳලා කාටද පලක් වුණේ //
ලෝකේ කවුරුද වගක් වුනේ අන්තිමෙ හිඟන්නො වෙනවානේ //
ගෙයක් ගානෙ වැඩ පල කර ඉඳලා කාටද පලක් වුණේ

රේඩියෝ සිලෝන් එකට රිංගලා නමක් ගන්ට ඕනා //
මාස්ටර් කෙනෙක් වෙන්ට ඕනා
පන්දම නැතුව යන්ට ඕනා
මගේ රූපෙ පත්තරේට දාලා අගේ පෙන්නවන්නම් //

පළවෙනියාට තේරි ගන්නම්
සෑම මාසේම සින්දු දෙන්නම්.//  හරේවා

ගෙයක් ගානෙ වැඩ පල කර ඉඳලා කාටද පලක් වුනේ
ලෝකේ කවුරුද වගක් වුනේ අන්තිමෙ හිඟන්නො වෙනවානේ

රාග තාල ගැන අසා ගන්ට මා ළඟට ගෝලයෝ එයි //
මට ගුරු පඬුරු ගෙනත්ලා දෙයි
මම සංගීත රාජයා වෙයි

බඩු මුට්ටු තියෙන ලොකු ගෙයක්  සමග
තඩි කාර් එකක් ගනිමි.//

ගුරු පඩිය උස්ස ගනිමී
මගේ ඒ ගණන් බස්ස නොගමී.//  හරේවා

ගෙයක් ගානෙ වැඩ පල කර ඉඳලා කාටද පලක් වුනේ
ලෝකේ කවුරුද වගක් වුනේ අන්තිමෙ හිඟන්නො වෙනවානේ

ගායනය - ඒ.එම්. රාජා
පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - ආර්. සුදර්ශනම්
1956 දී තිරගතවූ දොස්තර චිත්‍රපටියේ ගීයකි.

හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.

No comments: