පෙම් ගිරවා
මම ගිරවීගෙ තුරුළ්ලේ ...//
පාසැල් උයනේ අපි නැළවෙන්නේ
//
ඉස්කෝලෙට කිරි උතුරයි තකට
තකයි ජෝඩු
නමුත් කසාදෙට මම නම් තාමත්
හරි කෝඩූ ....//
අනේ මගේ ගුරු දෙයියා
දෝසි කැටේ
අනේ මගේ ගුරු දෙයියා
නැගල කරේ
පාසැල් උයනේ අපි නැළවෙන්නේ
//
මහ මුහුදේ
හායි හායි
මහ මුහුදේ සුළිය වගේ ඇස්
නටවන්නා
බා බා බා කිකිළි මගේ එන්නකො
කැරකීලා
එන්නම් මගෙ රන් කුකුළෝ පෙම්
වී අහුලාලා ...//
මා වට කර කෙකර ගගා
කොක් කොක් කොක්
මා වට කර කෙකර ගගා
කොක් කොක් කොක් කොක් කොක්
කොක්
පාසැල් උයනේ වී අහුලන්නේ //
ගායනය - එඩී
ජයමාන්න සමග
ජෙමිනි කාන්තා
පද -
පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය -
සී.එන්. පාණ්ඩුරංගන්
1948 දී
තිරගතවූ කපටි ආරක්ෂකයා චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment