නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්ට එන
නුඹලාගේ ජාතික ගීය
මාත් එක්ක කියාපල්ලා
දුප්පත් ගෝල
අපටා
ශාන්ති ඒ
පතාලා
දුප්පත් ගෝල
අපටා
ශාන්ති ඒ
පතාලා
නොමිලේ ඉංග්‍රිසි
ලැබුණායින් ලක බැබලේ නෑරා
නොමිලේ ඉංග්‍රිසි
ලැබුණායින් ලක බැබලේ නෑරා
කෑමෙන් බීමෙන්
ඇඳුමෙන් අපටා කරදරයක් නෑ
ඒ කෑමෙන්
බීමෙන් ඇඳුමෙන් අපටා කරදරයක් නෑ
ලොක්කගෙ
දරුවත් දුප්පත් දරුවත් එක ඉස්කෝලේ
මේ ලොක්කගෙ
දරුවත් දුප්පත් දරුවත් එක ඉස්කෝලේ
ඩොක්ටර් ප්‍රොක්ටර්
වී දුප්පත් කම සුන්වී //
ඩොක්ටර් ප්‍රොක්ටර්
වී දුප්පත් කම සුන්වී //
ලොක්කෝ පුංචෝ
සමගී වේවී බැබලේ ලංකා
ලොක්කෝ පුංචෝ
සමගී වේවී බැබලේ ලංකා
ලොක්කෝ පුංචෝ
සමගී වේවී බැබලේ ලංකා
ලොක්කෝ පුංචෝ
සමගී වේවී බැබලේ ලංකා
බැබලේ ලංකා
බැබලේ ලංකා
ගායනය - එඩී
ජයමාන්න සහ
පිරිස
පද - පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය -
සී.එන්. පාණ්ඩුරංගන්
1948 දී
තිරගතවූ කපටි ආරක්ෂකයා චිත්‍රපටියේ ගීයකි.
හින්දි හෝ ද්‍රවිඪ ගී
තනුවකි.
No comments:
Post a Comment