දුක දේ
සැප දේ
පෙරළෙන ජීවිත රෝදේ
තණ්හා ඇතිවී කාසි පොදියටා
නෑදෑ මිතුරෝ ඒවි වටවෙලා
ඵල ඇති දා එති වවුලෝ රුකටා
ඵල නැති දා යති හැරදා
ලෝකේ
පෙරළෙන ජීවිත රෝදේ
මෝහේ
බැඳිලා
කාසි සොයන්නා
මෝහේ බැඳිලා කාසි සොයන්නා
මරුවා ආ දා ඒ හැර යන්නා
තණ අග පිනි ලෙස වේළේ ප්‍රාණේ
සිහිනය සේ අළුයමෙ හී
නැතිවේ
පෙරළෙන ජීවිත රෝදේ
දුක දේ
සැප දේ
ගායනය - පී.ඩබ්. පිල්ලේ
පද - පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය - සී.එන්.
පාණ්ඩුරංගන්
1948 දී තිරගතවූ කපටි ආරක්ෂකයා චිත්‍රපටියේ ගීයකි.
හින්දි හෝ ද්‍රවිඪ ගී
තනුවකි.
No comments:
Post a Comment