තන්දා තනන තාන තනෙන
තම්දෙන තන තාන තනන
තනන තනන තනන තනන තානා
දිං දින තන තාන තනෙන
දිං දින තන තාන තනෙන
තනෙන
තනෙන තනෙන තනෙන තානා
ජමක
චමා තම්දෙන නන
ජමක
චමා තම්දෙන නන
ජුම්
චන නන ජුම් චන නන ජුම් චන නන තම්
ශ්රී ලංකා දීපයේ මේ නව සමාජයේ
නිදහාසේ බීලා අපි නටමු ජොලියේ
සුර ලෝකේ පානෙ මෙ
සුර ලෝ විනෝදෙ මේ
උඹ නැති දා මං ඉඳලා ඇයි මේ ලෝකේ
කොයි කාටත් නිදහාසේ ලැබුණා නේ
උඹ තවමත් ඔය බීමේ වහලානේ
පවුල මෙහේ අඬවලා
මිනිහ ඔහේ නටනවා
ලොවටත් ගිනි වද්දලා
පවුලත් මකබා කළා
පාරක හෝ කාණුවකයි බේබදු මරණේ
සුර ලෝකේ පානෙ මෙ ( මේ පේළි තුන ගැයෙද්දී පහතින් වන පිරිසගේ ගායනය ඒ සමග සම්පාත වේ)
සුර ලෝ විනෝදෙ මේ
උඹ නැති දා මම ඉඳලාඇයි මේ ලෝකේ
(ජමක චමා තම්දෙන නන
ජමක
චමා තම්දෙන නන
ජුම්
චන නන ජුම් චන නන ජුම් චන නන තම්)
අපි වාගේ බොන මිනිසුන් වැඩි නිසා
ආණ්ඩුව පොහොසත් වී වැඩියෙන් දියුණු වූණා
ආණ්ඩුව නැති රටේ
දියුණුව බිඳ වැටේ
රට පිරිලා රන් කාසි තිබීලා ඇයි
තිරිසන් සේ බේබද්දෝ ඉඳලා ඇයි
ඕ හෝ හෝ හෝ...
මේ සුරාවෙන් අනේ ලෝ අපායක් වුණේ
මිනීමරුවන් වැඩිවෙතී
හොරු තක්කඩි බෝවෙතී
ලෙඩ රෝගත් අපරාධත් කව වැඩිවේවී
සුර ලෝකේ පානෙ මෙ ( මේ පේළි තුන ගැයෙද්දී පහතින් වන පිරිසගේ ගායනය ඒ සමග සම්පාත වේ)
සුර ලෝ විනෝදෙ මේ
උඹ නැති දා මම ඉඳලාඇයි මේ ලෝකේ
(ජමක චමා තම්දෙන නන
ජමක
චමා තම්දෙන නන
ජුම්
චන නන ජුම් චන නන ජුම් චන නන තම්)
මහ වැස්සත් ගිනි අව්වත් නොසලකා
පිරිමි වද වින්දේ ගෑණුන්ගේ සැප නිසා
ඒ දුක් වෙදනා
බීමෙන් නැතිවුණා
උඹගේ ඒ බොරු ආලේ දන්නවා මං
ඕ හෝ හෝ හෝ...
ගැබිනි කාලෙ ගුටි කෑ හැටි මතකදැයි දැන්
දරු පලත් නැති කළේ මේ උඹේ බීමනේ
ඒ තරමට බිහිසුණු මේ සුරා පානේ
පරමාණුව වාගේමයි භයංකාරනේ
සීය පා මුත්තා පා මං ඉතිං බොන්නෙ නෑ
බොරු සැපයක් පෙන්නලා
අනන්ත බර දුක් දෙනා
සුරා යකා මළොත් තමයි කිරි ඉතිරෙන්නේ
ශ්රී ලංකා දීපයේ නිදහාසේ මල් පිපී
සියල් සතුන් නිදුක් වෙවා සැප සෑදේවා
ගායනය - ලතා වල්පොල සහ මොහිදීන් බෙග්
පද - කේ. හියුගෝ ප්රනාන්දු
සංගීතය - ආර්. සුදර්ශනම්
1956 දී තිරගතවූ දොස්තර චිත්රපටියේ ගීයකි.
No comments:
Post a Comment