Sunday, February 26, 2017

බබලනා නුඹගෙ මුහුණ

බබලනා නුඹගෙ මුහුණ
සිරි සරා රැජිණ ප්‍රේම
සිහි වෙනවා ආලෙ නිතර
සුපිනා සෝභනී

පෙම් ගඟේ පීන පීන
පෙම් කුසුම් ගෙල ලා ගෙන
මාස්ටරුයි මමයි හොඳයි ගත්ත විභාගේ

පෙම් සයුරේ පීන පීන
පෙම් කුසුමන් ගෙල ලා ගෙන
ඔයයි මමයි පාස් කලා අපේ විභාගේ ...//

මල් පෙරා සුවඳ රැගෙන
මල් ගසා මා හිස වට
මල් පුදා සුපිනා උඹට
නිකං බොරු එපා ...//

මතක නැද්ද පාසලේදි
මම නුඹ වට කැරකි කැරකි
දණ ගහගෙන වන්දනාව
ස්ථිර ආලේ ..//

අනේ ඉඳල හිටල මෙමට
ඩැඩී මමී සිහි වෙන විට
අඬල හැපිල ගිය අන්දම
නිකම් පේනවා
ඔව් ළමයෝ ඒක ඇත්ත
අහක දමමු ඒ ඇබිත්ත
ස්වභව ධර්මෙ හොඳම පැත්ත
මංගල යෝගේ
මංගල යෝගේ

ලලල ලල්ල ලා
ලලල ලල්ල ලා

ගායනය - එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා
පද - පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන්
1948 දී තිරගතවූ කපටි ආරක්ෂකයා චිත්‍රපටියේ ගීයකි.

හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.

No comments: