මෙරන් තෙළඹුවෙන් බැස ඇයි යන්ට කියන්නේ
මහ වන්නිකරේ උන්ටයි පාඩුව ඇතිවන්නේ
නුඹේ නමින් සෑය බඳිම් මා දිව්රන්නේ
මගෙ කන්නලව්ව ඉවසනවද රත්නවල්ලියේ
භීත කරයි මා අසරණවේද රජුන්නේ
මහ සෑය බඳින්නට වෙන තැන් නැද්ද සොයන්නේ
මහ සෑය පුරා මල්දමකට නුඹ ගැලපෙන්නේ
තෙළඹු ගසෙන් බැස වැඩපන් ස්වර්ණමාලියේ
මෙරන් තෙළඹුවෙන් බැස ඇයි යන්ට කියන්නේ
මහ වන්නිකරේ උන්ටයි පාඩුව ඇතිවන්නේ
ඔය අගේ වඩන රන් තෙළඹුව නොසිත ලොබා
නුඹ මගේ අනසකට ඉහළින් යන්ට එපා
වෙන සහේ යන්න මට කුලයක් නැතිය සුභා
මගෙ ගාඩි වංශයට යන කල නම් අසුභා
මෙරන් තෙළඹුවෙන් බැස ඇයි යන්ට කියන්නේ
මහ වන්නිකරේ උන්ටයි පාඩුව ඇතිවන්නේ
නුඹේ නමින් සෑය බඳිම් මා දිව්රන්නේ
මගෙ කන්නලව්ව ඉවසනවද රත්නවල්ලියේ
ගායනය - සේනානායක වේරලියද්ද සහ කුමාරි මුණසිංහ
පද - වසන්ත දුක්ගන්නාරාළ
තනුව හා සංගීතය - සේනානායක වේරලියද්ද
2 comments:
ඔබට බොහෝම ස්තූතියි මෙවැනි අපූරූ ගීත සහ පදරචනය සංගීතය සමඟ අපට ලබා දෙනටව...
පිණි වැස්ස සැපයි...
මැණික් ඟංදියෙන් වගේ ගීත වල පද රචනය ග්ම්හා සංගීතය පල කරන්න
Post a Comment