Friday, February 22, 2019

සිලි සිලියේ නව සුවඳක්


සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා
වන බඹරා මල සොයලා පියඹා යනවා

සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා
වන බඹරා මල සොයලා පියඹා යනවා

යෞවන කාලේ
ජීවන ඊලේ
පැද්දෙන තාලේ
පවසයි ආලේ ....//
සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා
වන බඹරා මල සොයලා පියඹා යනවා

මල් පිබිදීලා සුළඟෙ නටන්නේ
චූටි කුරුල්ලෝ මොටද සොයන්නේ
ආ ආ ආ ආ...... අඅඅආ......
රස හැදෙනා තැන් දනිති සියල්ලෝ
මල් පැණි බොන්නේ නැද්ද කුරුල්ලෝ

ඇත්ත  තමයි සහතිකමයි උන් පැණි බොනවාලූ //

සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා
වන බඹරා මල සොයලා පියඹා යනවා 

සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා
වන බඹරා මල සොයලා පියඹා යනවා

සිසිලැති ගංගා ගලා බසින්නේ
එය නැත ඉවුරේ වැද නවතින්නේ
ආ ආ ආ ආ...... අඅඅආ......
පෙම් රස එහිදී කරමින් මෝදූ
දිය කඳ දෙනවා ඉවුරට හාදූ

ඇත්ත තමයි සහතිකමයි නැත්තෙ මොකද යාළූ //

සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා
වන බඹරා මල සොයලා පියඹා යනවා

සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා
වන බඹරා මල සොයලා පියඹා යනවා

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු සහ නොයෙල් ගුණරත්න
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ආර්. මුත්තුසාමි
1964 වසරේදී තිරගතවූ "සසරක හැටි" චිත්‍රපටියේ ගීයකි.  එම්.එස්. ප්‍රනාන්දු ගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගායනයයි.

මුල් ගීය


පසු ගායනයක්

No comments: