Friday, February 22, 2019

පෙම් ලොව නින්දෙදි

පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සීනේ
දැන් එළිවී ඇත සඳ වගෙ ලස්සණ මූණේ

හද පොපියයි
සිත නලියයි
බැලු බැලු අත එළියයි ...//
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සීනේ

බඳ නළවාලා
උකුළ සලාලා
මුව විදහාලා
මුකුලු නඟාලා

රන් දාලා
අන්දාලා
නාරිලතා ලීලා

හද පොපියයි
සිත නලියයි
බැලු බැලු අත එළියයි ...//
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සීනේ

මල්සරා
අසු අරා
එයි නුරා
හී දරා

රස ධාරා
රළ පීරා
ආදරේ දෝරා

හද පොපියයි
සිත නලියයි
බැලු බැලු අත එළියයි ...//

පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සීනේ
දැන් එළිවී ඇත සඳ වගෙ ලස්සණ මූණේ

හද පොපියයි
සිත නලියයි
බැලු බැලු අත එළියයි ...//
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සීනේ

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සරත් දසනායක
1975 වසරේදී තිරගතවූ "සංගීතා" චිත්‍රපටියේ ගීයකි.

No comments: