Friday, February 22, 2019

සල්ලි වලට ආස නැත්තෙ

සල්ලි වලට ආස නැත්තෙ
කවුරුද මේ ලෝකෙ මත්තෙ
ධන සම්පත් පොදි ගහන්න කවුරුත් ආසයි
දිළින්දෝ
රජින්දෝ

නහිනව මේ සල්ලි මත්තෙ
තණ්හාවයි හිතේ ඇත්තෙ
කොයි කවුරුත් සල්ලි වලට හරියට ආසයි
දිළින්දෝ
රජින්දෝ

දිළිඳු ජෝඩුවක් දවසක් මා වෙත ඇවිදින්
පිනට යමක් දෙන්නැයි මට ඇවිටිලි කෙරුවෙන්
දුන්න රුපියලක්
මේ මම දුන්න රුපියලක්
දිළින්දෝ
දිළින්දෝ

පැනපු ගමන් රුපියල ගෙන
මේ ජෝඩුව ගහ බැණ ගෙන
සල්ලි වලට ඇති කෑදරකම පෙන්වූවා
දිළින්දෝ
දිළින්දෝ

මහ රජිඳෙක් එක දිනයක යනවිට ගමනක්
කසළ ගොඩක් අසල තිබුණි එක තඹ සතයක්
පැන්න රජින්දා
පැන්න ගමන් ඇහින්දා
රජින්දෝ
රජින්දෝ

මහ බැංකුවෙ කෝටි ගණන්
තණ්හාවෙන් නිදන් කරන්
හිටියත් සතයටත් ලෝබ බව පෙන්වූවා
රජින්දෝ
රජින්දෝ

සල්ලි වලට ආස නැත්තෙ
කවුරුද මේ ලෝකෙ මත්තෙ
ධන සම්පත් පොදි ගහන්න කවුරුත් ආසයි
දිළින්දෝ
රජින්දෝ

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද - සරත් මුණසිංහ
තනුව - ලාල් තේනබදු

No comments: