Friday, February 22, 2019

මුතු මැණික් ආදරේ නොවේ

මුතු මැණික් ආදරේ නොවේ
මිල මුදල් ආදරේ නොවේ
ආදරය එතරම් ලාභ නොවේ
ඔයා දන්නෙ නෑ ....//

අතුපැල රාජ මැදුර
අල බතල රජ බොජුන්
කඩමලු රජ ඇඳුම්
ආදරේ ඇතිනම්

කෝප වී වෙන්වී යන්නෑ
හැමදාම එක වගෙයි
වේදනා වෙන්නෙ නෑ
ආදරේ ඇතිනම්

මුතු මැණික් ආදරේ නොවේ
මිල මුදල් ආදරේ නොවේ
ආදරය එතරම් ලාභ නොවේ
ඔයා දන්නෙ නෑ

වතුපිටි ගැන සිතන්නෑ
රන් රිදී ලැබුනෙ නෑ
ඒ ගැන පසු තැවෙන්නෑ
ආදරේ ඇතිනම්

කුලමල ජාති භේද
කිසි කලක මතු නොවෙයි
එන දුක පැණි රසයි
ආදරේ ඇතිනම්

මුතු මැණික් ආදරේ නොවේ
මිල මුදල් ආදරේ නොවේ
ආදරය එතරම් ලාභ නොවේ
ඔයා දන්නෙ නෑ ....//

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු

No comments: