Thursday, February 21, 2019

මැණිකෙ මම ආයි ගෙදර එනවා

මැණිකෙ මම ආයි ගෙදර එනවා
මට හරි කේන්ති යනවා ...//
කොච්චර ආදරෙ කෙරුවත් මා ගැන අවිශ්වාස වෙනවා
ඉවසල ඉවසල අන්තිමේදි මට හරි කේන්ති යනවා
ගහන්ඩ බණින්ඩ හිතට දුකයි මං ගෙදරින් පිට වෙනවා
මින්පසු එන්නැහැ කියල ගියත් මම ආයි ගෙදර එනවා

මැණිකෙ මම ආයි ගෙදර එනවා
මට හරි කේන්ති යනවා ...//

වීලා බොහොම දුක් වීලා
ඈ අඬාවි කඳුළු පෙරාලා
හැමදාමත් ම මෙහෙම සිතාලා
කොහොම ඉන්නද මම ඉවසාලා

මම යනව යන්න ඈ දාලා
මගෙ ඉවසුම මට නැතිවීලා
ඈ ඇවිදින් මාව සොයාලා
එක්කන් යයි අඬා වැලපීලා

මැණිකෙ මම ආයි ගෙදර එනවා
මට හරි කේන්ති යනවා ....//

රෝස මලක් වගේ ඇගෙ මූණේ
පින්බර පෙනුමයි මට ඕනේ
තව ලස්සණ මල් හමුවන්නේ
රෝස මලයි මගේ සිත ගන්නේ

වෙන මලක් සොයා මම යන්නෑ
මේ මල වෙන කාටත් දෙන්නෑ
විපතක් කිසි දවසක වෙන්නෑ
මගෙ ආදරෙ ඈ අඳුනන්නෑ

මැණිකෙ මම ආයි ගෙදර එනවා
මට හරි කේන්ති යනවා ....//

කොච්චර ආදරෙ කෙරුවත් මා ගැන අවිශ්වාස වෙනවා
ඉවසල ඉවසල අන්තිමේදි මට හරි කේන්ති යනවා
ගහන්ඩ බණින්ඩ හිතට දුකයි මං ගෙදරින් පිට වෙනවා
මින්පසු එන්නැහැ කියල ගියත් මම ආයි ගෙදර එනවා

මැණිකෙමම ආයි ගෙදර එනවා
මට හරි කේන්ති යනවා ...//

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද- එම්.එස්. ප්‍රනාන්දු
තනුව - එම්.එස්. ප්‍රනාන්දු
සංගීත අධ්‍යක්ෂණය පී. එල්. ඒ. සෝමපාල
1970 දී තිරගත වූ "දැන් මතකද" චිත්‍රපටියට ඇතුළත්වූ ගීයකි.

No comments: