හෙළ ජාතික අභිමානේ
වැදු විරුවන් සේ පොරණේ
දිනු මවුබිම
සවුසිරියෙන් සරසවු
පිබිදෙවු පිබිදෙවු
සැරසෙවු
වීර විකුම් පෑ පෙර
දරුවෝ
දෙස රැස මුරකෙරුවෝ
ඒ ලෙය ඇති ඔබ සුර
විරුවෝ
නොම වවු ණය කරුවෝ
දැය දිනුමට පැද යන
නැවියා
ගොවියා බිම දෙවියා
විපතෙහි සැපතෙහි
නොසැළෙයි නොතැවෙයි
අටලෝ දම හුරු හෙළයා
මුහුදට ඈදෙන මහ ගංගා -
කුඹුරට යළි හරවා
ධාණ්‍ය වගාකොට සිරිලක
මේ
පෙරදිග කෙත කරවා
අරපිරිමැස්මට
පුරුදුවෙලා - බිඳලවු දුක සංකා
පැරකුම් යුගයක් නැවත්ත
අරඹවු
නිජ භූමි තලේ ලංකා
හෙළ ජාතික අභිමානේ
වැදු විරුවන් සේ පොරණේ
දිනු මවුබිම
සවුසිරියෙන් සරසවු
පිබිදෙවු පිබිදෙවු
සැරසෙවු
පද රචනය - කරුණාරත්න
අබේසේකර
ගායනය - සී.ටී. ප්‍රනාන්දු
තනුව - සී.ටී. ප්‍රනාන්දු
No comments:
Post a Comment