Wednesday, March 6, 2019

අඳුර අඳුර මගේ

අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ ...//

ඝන රෑ කළුවර
තනියම කුටියේ
ගත කළ දිවියේ
රසතැන් සිහිවේ
කුටියේ කෙළවර
එළියක් දිස් වේ
එළිය සොඳුර මගේ
දිවියට ළංවේ

අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ

පෙම් එළි විහිදා
නිවා දැමූ පසු
දුන් නෙක් පීඩා
දනිමි පෙරදා
සදාකාළිකය
අඳුරේ රැජිණිය
ඔබ හැර යන්නට
නොදේවි මගෙ සිත

අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ

නොයනු මැනවි දා
තනිකර එළියේ ....//

ගායනය - ප්‍රියා සූරියසේන
පද - ඒ. රෝහණ පෙරේරා
තනුව - ප්‍රියා සූරියසේන

No comments: