රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැරයන්නෙ මා
අද මෙන් ළඳේ හෙට නෑ හමුවෙන්නෙ මා
ගෙන යමි ඔබේ
ආදරේ
ආදරේ
නා දළු දෙතොල් හසරැළී මත වෙළී
ආගිය ගමන් සිහිව එයි යළි යළී
අසමාන වූ ඒ අප ආදරේ
කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ
රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැරයන්නෙ මා
අතිනත වෙලා පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමී සපුරලා සිතු පැතුම්
හෙට ඒ දිනේදී සයුරෙන් එහා
පිළිගනන්වාදෝ පැමිණි වහා
රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැරයන්නෙ මා
අද මෙන් ළඳේ හෙට නෑ හමුවෙන්නෙ මා
ගෙන යමි ඔබේ
ආදරේ
ආදරේ
ගායනය - ප්‍රියා සූරියසේන
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ප්‍රියා සූරියසේන
No comments:
Post a Comment