හසරැල් උපත මමයි
කඳුළ හෝ හසරැල්ලේ ඉම අපිමයි ..//
රැයක අසරණ වෙලා
හඬන පළඟැටි බලා
කඳුළු හෝ හසරැලී දකිමිදෝ ..//
ඔබ කඳුළේ උපතයි
හසරැල් උපත මමයි
කඳුළ හෝ හසරැල්ලේ ඉම අපිමයි
අවදිවන ලොව බලා
දොඩණ ගිරවුන් සොයා
කඳුළු හෝ හසරැලී දකිමිදෝ
අඳුර අතරට වෙලා
හිඳිමි කරුවල බලා
කඳුළෙනී හසරැලී උපන්නේ
ඔබ කඳුළේ උපතයි
හසරැල් උපත මමයි
කඳුළ හෝ හසරැල්ලේ ඉම අපිමයි
ගායනය - ප්‍රියා සූරියසේන
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ප්‍රියා සූරියසේන
No comments:
Post a Comment