Sunday, March 10, 2019

පැතුම් පිරීලා උතුරා යනවා


පැතුම් පිරීලා උතුරා යනවා
ඇය අද එනවා හමු වේදෝ (හෝ.. හෝ....)
සිතත් පිරිලා ඇගෙ රුව දැකලා
ඇගෙ සිත අසලා සැනසේදෝ

වසන්තයේ දිනයක් සිහිවෙන්නේ
දසන්තයේ සිතුවිලි මුසුවෙන්නේ
ළමා වියේ මෙන්
යොවුන් වියේදී
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා

පැතුම් පිරීලා උතුරා යනවා
ඇය අද එනවා හමු වේදෝ (හෝ.. හෝ....)
සිතත් පිරිලා ඇගෙ රුව දැකලා
ඇගෙ සිත අසලා සැනසේදෝ

අවන්හලේදී තනි වී දෙන්නා
රුවන් වන් පැතුම් මවමින් උන්නා
ඒ පැතුම් සැබෑ වී
නව ලොවක් උදාවී
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා

පැතුම් පිරීලා උතුරා යනවා
ඇය අද එනවා හමු වේදෝ (හෝ.. හෝ....)
සිතත් පිරිලා ඇගෙ රුව දැකලා
ඇගෙ සිත අසලා සැනසේදෝ (හෝ.. හෝ....)

සැනසේදෝ (හෝ.. හෝ....)
සැනසේදෝ (හෝ.. හෝ....)
සැනසේදෝ (හෝ.. හෝ....)
සැනසේදෝ (හෝ.. හෝ....)

ගායනය - ප්‍රියා සූරියසේන
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන

No comments: