සීත මීදුම් ගංගාවෙ පාවී සිනා රැල් සලා
ඈතින් වලා
පාළු මේ දිවු රෑ යාමේ පායන් සඳේ නෙත් සලා
මා නෙත් බලා
මේ සීත රෑ යාමෙ තනිවී මෙසේ
මා දෑස ඒ දෑස සොයනා වෙලේ ...//
මේ ගීතිකා
ආරාධනා
නෑසේද ඔබටත් සඳේ
පාළු මේ දිවු රෑ යාමේ පායන් සඳේ නෙත් සලා
මා නෙත් බලා
මා පාළු යහනාවෙ තැවෙනා පැයේ
නෑ දෑස කලතාලු හසරැල් ඔබේ ....//
මේ ගායනා
ආයාචනා
නෑසේද ඔබටත් ළඳේ
සීත මීදුම් ගංගාවෙ පාවී සිනා රැල් සලා
ඈතින් වලා
පාළු මේ දිවු රෑ යාමේ පායන් සඳේ නෙත් සලා
මා නෙත් බලා
ගායනය - ටී.එම්. ජයරත්න
පද - කුලරත්න ආරියවංශ
තනුව - එච්.එම්. ජයවර්ධන
No comments:
Post a Comment