Wednesday, April 10, 2019

තංගමනී මට කවදා


තංගමනී මට කවදා සින්නවේද මන්දා
සින්නවේද අන් හිමි නුඹ ඇන්න යාද මන්දා ....//

ගමන් එපා තනිමංසල
කනේ කඩුක්කන් සද්දෙන්
රැහේ දෙනෙත් නුඹ නවතාවී

ළතැවුල් මට
කඳුළු නුඹට ...//

තංගමනී මට කවදා සින්නවේද මන්දා
සින්නවේද අන් හිමි නුඹ ඇන්න යාද මන්දා

සිඳු වැල්ලේ හේඩාවේ
පුරුදු සිනා නොදුටු කලේ
නුඹේ සිතෙන් මං නැතිවේවී

කඳුළැල් මට
නුඹ වෙනතක ...//

තංගමනී මට කවදා සින්නවේද මන්දා
සින්නවේද අන් හිමි නුඹ ඇන්න යාද මන්දා ....//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - වසන්ත කුමාර කොබවක
තනුව - එච්.එම්. ජයවර්ධන

No comments: