Saturday, April 20, 2019

සඳපාන වගේ සුදු මූණ ඔබේ

සඳපාන වගේ සුදු මූණ ඔබේ
මගෙ ආදර සමනලියේ
රන් තෝඩු කනේ වගෙ වත දිලිහේ
මගෙ සුරඟන සමනලියේ
සඳපාන වගේ සුදු මූණ ඔබේ
මගෙ ආදර සමනලියේ

ඇහැළ මලකි ඔබ රන්වන් පාටින් සැලෙනා මඳ පවනේ
මගෙ සිත ළඟ මිණි කිරුළ තියාගෙන හිඳිමුද සඳ කිඳුරී

සඳපාන වගේ සුදු මූණ ඔබේ
මගෙ ආදර සමනලියේ
රන් තෝඩු කනේ වගෙ වත දිලිහේ
මගෙ සුරඟන සමනලියේ
සඳපාන වගේ සුදු මූණ ඔබේ
මගෙ ආදර සමනලියේ

සිරි පොද ඉවසන සුවඳ මලකි ඔබ මල් මැද මල් රැජිණී
අත්වැල් අල්ලා යමු අපි හැංගී එනවද සමනලියේ

සඳපාන වගේ සුදු මූණ ඔබේ
මගෙ ආදර සමනලියේ
රන් තෝඩු කනේ වගෙ වත දිලිහේ
මගෙ සුරඟන සමනලියේ
සඳපාන වගේ සුදු මූණ ඔබේ
මගෙ ආදර සමනලියේ

ගායනය - සමන්ත පෙරේරා
පද - මහේෂි විජේවීර
තනුව - සමන්ත පෙරේරා

No comments: