Saturday, April 20, 2019

නදී රළ පෙළ

නදී රළ පෙළ සුසුම්ලයි පවසින්
හඬා වැටුණා රිදුම් දී සුළඟින්
සිතට දැනුණා ලොවම නැති ලෙසකින්
බැඳුණු අත්වැල බිඳුණි දෝ කෙලෙසින්

සියක් විට සිත මලින් බරවී
සුවඳ සිත ළඟ තබා පරවේ
කොතෙක් ආවද හදක් පුබුදන්නේ
කෙනෙක් පමණයි සිතක් හඳුනන්නේ

නදී රළ පෙළ සුසුම්ලයි පවසින්
හඬා වැටුණා රිදුම් දී සුළඟින්
සිතට දැනුණා ලොවම නැති ලෙසකින්
බැඳුණු අත්වැල බිඳුණි දෝ කෙලෙසින්

දිනක් අහසට සඳත් බරවෙයි
අඳුර තනිකොට එළිය වියැකෙයි
මෙතෙක් දුර ආ බවක් නොහැඟෙන්නේ
ඔබේ හිත නෑ මගේ ළඟ උන්නේ

නදී රළ පෙළ සුසුම්ලයි පවසින්
හඬා වැටුණා රිදුම් දී සුළඟින්
සිතට දැනුණා ලොවම නැති ලෙසකින්
බැඳුණු අත්වැල බිඳුණි දෝ කෙලෙසින්

ගායනය - සමන්ත පෙරේරා
පද - ප්‍රියන්ත කොළඹගේ
තනුව - සමන්ත පෙරේරා

No comments: