රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ළසෝ තැවුල්
නිවන්න රත්තරන් ...//
තාරකා සිනා දැලේ
රන් කැළුම් දිගේ
ආදරේ ගලා හැලේ
සිහිනයක් වගේ
පාළුවේ වෙළී හඬාවැටෙද්දි ජීවිතේ
මා දිහා ළඟාව ඉන්න රත්තරන් මගේ
රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ළසෝ තැවුල්
නිවන්න රත්තරන්
මාරුතේ හමා වනේ
මල් උයන් දිගේ
පාවෙනා වලාකුළේ
සිසිලසක් වගේ
වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ
ජීවිතේ සිනා නඟාවි සෙනෙහසින් හදේ
රත්තරන් නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ළසෝ තැවුල්
නිවන්න රත්තරන් ...//
ගායනය - ටී.එම්. ජයරත්න
පද රචනය - කුලරත්ක ආරියවංශ
තනුව - එච්.එම්. ජයවර්ධන
No comments:
Post a Comment