Sunday, May 26, 2019

රන් තරු පායන

රන් තරු පායන
අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිණු ආදරය සොරාගෙන
වෙනකෙකු නොවැ අද ඉන්නේ

මිහිර සොයා ගිය
මගෙ ජීවය ගැන
කඳුළැලි හා ළතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා අතමයි වරද තියෙන්නේ

කුඩා රුවල බැඳ
තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලුවේ
කොහේ සිටන් කොයිබට මා යාවිද
මට නම් නැහැ වැටහෙන්නේ

රන් තරු පායන
අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිණු ආදරය සොරාගෙන
වෙනකෙකු නොවැ අද ඉන්නේ

පලා දෙපලු කළ හදවත දැන්නම්
කාට එකතු කළ හැක්කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි
මා හද තුළ හැම වේලේ

රන් තරු පායන
අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිණු ආදරය සොරාගෙන
වෙනකෙකු නොවැ අද ඉන්නේ

මිහිර සොයා ගිය
මගෙ ජීවය ගැන
කඳුළැලි හා ළතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා අතමයි වරද තියෙන්නේ ////.

ගායනය - කීර්ති පැස්කුවල්
පද - ස්ටැන්ලි පීරිස්
තනුව - ස්ටැන්ලි පීරිස්

මේ ගීය මුලින් ගායනා කළෙත් ස්ටැන්ලි පීරිස් මයි. ඒ ඔහු ෆෝචූන්ස් සංගීත කණ්ඩායම හදාගෙන දිගු ගමනක යෙදී ඉන්න අවදියේ.
මා සොයා බැලුවා ස්ටැන්ලිගේ හඬින් ගැයුණු ගීය සොයාගන්න. ඒත් එය සංරක්ෂණය වී නැහැ. සජීවීව නම් ස්ටැන්ලිගෙ හඬින් මා මේ ගීය අසා තියෙනවා කැන්ඩි ලේක් ක්ලබ් එකේදි.
පසු කලෙක, ස්ටැන්ලි ඉතා නිහතමානිව මේ ඔහුගේම නිර්මානය කීර්තිට ගයන්නට දෙනවා. කීර්තිගේ පළමු ගී තැටිගත කිරීමේදී මේ ගීයත් ඇතුලත් වුණා.

No comments: